TimeTrek ඉවරයිද?

timetrek එක ගැන සෑහෙන්න කතා වෙනවා දැකල මේක ලියන්න හිතුනේ.

timetrek කියනේ මේ genre එකේ පලවෙනි සයිට් එක නෙමෙයි. ඊට කලින් මම GDG එකට හැදුවේ riversafari එක. හැබැයි එකත් මම දන්නා පලවෙනි එක නෙමෙයි. ඒ බව පැහැදිලිව කිව්වා riversafari වලට පස්සේ. එක මම හැදුවේ firebase.foo කියන Google quiz එක බලලා. ඊටත් කලින් 2015 දී I/O official site එකේ තිබුනු easter egg එකක් මම ඉවර වෙනකන් සොල්ව් කළා. ඉතින් මේකට ඔය කියන ඔක්කොගෙන්ම influence එකක් අැවිල්ලා තියනවා.

Riversafari එකේ තිබුනෙ ියවර 4ක් නිසා තනියම ලියල beta test කරන්න විතරයි GDG එකේ අනිත් අයව ගත්තෙ. උන් සේරම මම IO 2015 එක සෝල්ව් කරනකොට මට තිබ්බ උනන්දුවම පෙන්නුවා. එ් හින්දා එ්ක live දාලා DevFest 2016 එකේ tickets 50 ක් දුන්නා එ්කෙන්. වැඩේට මාසයක් විතර ගියා..

Timetrek හදන්නත් මාසයකට කිට්ටු කාලයක් ගියා. එ්ත් කරන්න ඔ්න දේ දන්න නිසා ලොකු අවුලක් තිබ්බෙ නෑ. අනිත් උන්ට මුලින්ම කිව්වා මේ පාර පියවර ගාන වැඩි නිසා මාත් එක්ක හදන්න වෙනවා, solve කරන අාතල් ගන්න වෙන්නෑ කියල. මිළිඳු මල්ලි මට කුණුහරප විතරයි නොකිව්වෙ git එක share කළාම. අැයි සේරම steps git repo එකට access තියන අයට එලිපිට පේනවා.

මේක හදල මෙහෙම ටිකට් දෙන්නෙ අැයි? අපේ event 100% කම ගන්න ගානට වඩා වැඩි පිරිසක් register වෙනවා. ඉතින් මොන ක්‍රමේට හරි ගන්න පුලුවන් ගාන විතරක් filter කරන්න ඔ්න. Algo දාල හෝ manually responses බලල. අපිට ඔ්න කරන්නෙ අැත්තටම software development ගැන උනන්දුවක් තියන අයට ටිකක් හෝ හොඳ chance එකක් දෙන්න.

Rules දැම්මෙ අැයි? ඉතින් මෙහෙම නොදා තමා Google එකෙන් firebase.foo සහ savethedate.foo කලේ. කරන්න ඔ්න දේවල් ක්‍රම හා URL සේරම reddit එකේ වැටුනා පැය ගානකින්. Firebase.foo වලින් මේ අවුරුද්දෙ IO එකට fully sponsoured tikets 100ක් දුන්නා. එ් සේරම උණු කැවුන් වගේ ගියේ. මට ඔ්න කලේ මෙන්න මේ අඩුපාඩුව වහල පුලුවන් තරම් genuine devs ලට තැන දෙන්න. එ්කයි clues පිට දෙන්න එපා කියල කිව්වෙ. සමහරු අහල තියනව දැක්ක එතකොට word of mouth, privave messages, chat වගේ එ්ව අල්ලන්න බෑ කියල. අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින් තව 4ක් විස්ස විද්දාලෙත් කට්ට කාපු මම දන්නවා මිනිස්සු කොපි කරන්න දෙන ගේම්. එ්ක exam hall වල ඉන්න අයත් දන්නවා. එ් උනාට paper එක කැන්සල් කරන්නෙ නෑ. හැබැයි උත්තර එලිපිට අච්චු ගහල බෙදනකොට කරන්න ඔ්න දේ මොකද්ද කියල මම කියන්න ඔ්න නෑනෙ. අනික සාදාරණ විදියට මේක විසඳපු 10 දෙනාට එහෙම නොකළ නං upset යන්නත් බැරි නෑ.

එහෙම publish කරපු නිසා තමා මාසයක් තිස්සෙ නිදිමරන් හදපු site එක විනාඩියෙන් down කලේ. Solve කර කර හිටපු ඔයාලට ඔච්චර දුක නං, හදපු මට කොයි තරන්ද? සමහරු කියල තිබ්බා මේක educational එකක්, ටිකට් නැතත් අප් කරල තියන්න තිබ්බ කියල. (idiot වගේ සරල එකේ ඉදං මෙතන ලියන්න බැරි හරබර එව්වත් ගරු බුහුමන් විදියට තිබ්බ. සමහර ලොකු කම්පැනි වල වැඩ කරන මහත්තුරු කුණුහරපත් දාලා public forum වල) tickets දෙන්නෙ නැත්තන් එහෙම කරන්න තිබ්බා. මම ගේම අතෑරල නෑ. අලුත් clues එක්ක timetrek අප් වෙයි ලඟදිම. හැබැයි පුතෝ අච්චර ලේසි වෙන්නෙ නං නෑ දැන්. Educational වැඩ වලට ඔ්නම නං Riversafari තාම up. හැබැයි පරණ Link එක නෑ. කලින් Firebase වල තිබ්බ අවුලක් නිසා DNS ගලවල තියන්නෙ. https://devfest-2016-easter.firebaseapp.com/ වලින් බලන්න පුලුවන්.

මේ writeup එකටත් නානාප්‍රකාර වෙෙවර්ණ පිළිතුරු එයි. මම කමෙන්ට් කරන එකක් නැති වෙයි මොකෝ මේ ලියන වෙලාවෙත් අලුත් system එකට මොනා හරි ලියන්න තිබ්බ, එ්ත් මම සද්ද වහල ඉන්දෙද්දි අනිත් උන් නිකන් වාද වලට පැටලෙන්න ඔ්න නැති නිසා තමා මෙහෙම හරි ලිව්වෙ.

තව දෙයක්. අපි දන්න තරමට ලෝකෙන්ම event එකකට ticket දෙන්න මෙහෙම එකක් කරන්නෙ GDG වලින් ලංකාවෙ GDG එක විතරයි. අපි අපේ රටේ නම highlight කරන්න පුලුවන් තරන් දේ කරනවා. එ්ක කවුරු කිව්වත් කොහාෙම කිව්වත් නවත්තන්නෙ නෑ. මේව කළා කියල අපිට Google එකෙන් ගෙවන්නෙ නෑ. එ්ත් developers ලා inspire කරන්නෙ කවද හරි අපි කරපු මොනයම් දේකින් හරි අපේ රටේ ඊළඟ Google, Microsoft වගේ දෙයක් එලියට අාවොත් එ්ක බලල සන්තෝස වෙන්න පුලුවන් නිසා. ඉතින් මෙහෙම කළා අරම කළා කියල Google එකට සහ වෙනත් අායතන වලට complain එහෙම දානවනං අපිත් කැමතී. මොකෝ GDG LK එකෙන් මෙහෙම එකක් අටවල කියල එ් අැත්තොත් දැනගන්නෙ නැතෑ. (මෙහෙ 2500ක් දාලා IO එකක් වෙනව කියල Google CEO දැන ගත්තෙත් ගිය අවුරුද්දෙනෙ)

හරි අපි IO extended එකේදි හම්බවෙලා තව මේ ගැන දොඩවමු. එතකන් අායුබෝවන්

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store